නූතන සමාජ දේශපාලන න්‍යායන් අතර ස්ත්‍රීවාදය නව සංකල්පයකි. වත්මන් සමාජ දේශපාලන කතිකාවෙහි සාකච්ඡාවට බඳුන් වන සංකල්පයක් බවට පත්ව ඇත. ස්ත්‍රීවාදය දේශපාලන මතවාදයක් මෙන්ම දේශපාලන සමාජ ව්‍යාපාරයක් ලෙසද දැක්විය හැක. 1960 දශකය වන තෙක් ලිංගික විභේදනය දේශපාලනික වශයෙන් වැදගත් සහ ආකර්ෂණීය කාරණයක් ලෙස සැළකිල්ලට භාජනය විය. එමඟින් ස්ත්රීන්ට සහ පුරුෂයන්ට වෙන්ව තිබූ සමාජ, ආර්ථික, දේශපාලනික භූමිකා ලිංගික විභේදනය මඟින් ස්වාභාවික සහ අනිවාර්ය දේ වශයෙන් තහවුරු කරන ලදී. එනම් ලිංගික ශ්‍රමවිභජනය සමාජීය ක්ෂේත්රයේ සෑම තැනකම දක්නට ලැබුණි. ජීව විද්‍යාත්මකව ස්ත්‍රීන් පුරුෂයන්ට සාපේක්ෂ ශක්තිමත්භාවය අඩු යැයි පිළිගැනිණි. ස්ත්‍රිය පෞද්ගලික පරිමණ්ඩලයටත් එනම් එමඟින් දැක්වූයේ ස්ත්‍රිය දරුවන් රැකබලා ගැනීම, ගේ දොර වැඩකටයුතු පැවරීම තිබිය යුතු යැයි පිළිගැනීමට ලක්ව තිබූ අතර පුරුෂයාට පොදු සාමාජීය ක්ෂේත්රයේ භූමිකාවක් එනම් පොදු පරිමණ්ඩලය තුළ භූමිකවක් ඉටු කිරීමට පැවරී තිබිය යුතු යැයි පිළිගැනිණි. එනමුත් 1960 ගණන්වලදී ස්ත්‍රීවාදී චින්තනය සහ ස්ත්රීවාදීන්ගේ ව්‍යාපාර වර්ධනය වීමත් සමඟ අනිවාර්ය ස්ත්‍රීවාදය නොහොත් සදාතනික ස්ත්‍රීවාදය යන පිළිගැනීම් ප්‍රතික්ෂේප වීමට පටන් ගැනුණි. සාම්ප්‍රදායික පුරුෂ මූලික සමාජ සහ දේශපාලන චින්තනයට විරුද්ධව ස්ත්‍රීන් උදෙසා සචලීකරණයට තුඩුදෙන නව සමාජ, දේශපාලන න්‍යායන් ඉදිරිපත් විය. මේ තුළින් ස්ත්‍රීවාදී න්‍යාය ස්ත්‍රී බලගැන්වීමේ ව්‍යාපාරයක් ලෙසින් ලොවපුරා ව්‍යාප්ත විය.
ස්ත්‍රීවාදය යන පදය භාවිත කිරීම 19වන සියවස අවසාන භාගයේදී ආරම්භ විය. නූතන සමාජ සහ දේශපාලන දෘෂ්ටිවාදයක් ලෙස සහ විධිමත්ව සංවිධානය වූ ව්‍යාපාරයක් ලෙස ස්ත්රීවාදයේ උපත බටහිර යුරෝපයේ සිදුවිය. ස්ත්‍රීවාදය මූලිකවම ස්ත්රීන්ගේ අත්දැකීම් මත පදනම් වී ඇති අතර ස්ත්‍රී පුරුෂ අසමානත්වය, බල සම්බන්ධතාව සහ ලිංගිකත්වය පිළිබඳව නිවැරැදි සහ විස්තරාත්මක අර්ථකතනයන් සැපයීම ස්ත්‍රීවාදී න්‍යායෙන් අරමුණු කෙරේ. සමාජීය, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්රයන් තුළ පුරුෂයාට සාපේක්ෂව ස්ත්‍රියට හිමි අසමාන තත්ත්වය පිළිබඳවත් ස්ත්‍රියගේ විමුක්තිය පිළිබඳ විචාරාත්මකව ස්ත්‍රීවාදය තුළ විවරණය කරයි.
John Stuart Mill විසින් රචිත "On Liberty" කෘතියෙහි දක්වා ඇති ආකාරයට ඕනෑම සමාජයක ශිෂ්ටාචාරය මැනිය හැකි කෝදුව එම සමාජයේ ස්ත්‍රියට දෙනු ලබන තත්ත්වය මත තීරණය කළහැකි බවයි. ස්ත්‍රිය සහ පුරුෂයන් අතර දැනට පවතින සමාජ සබඳතාව මෙහෙයවන මූලධර්මය වන්නේ එක් ලිංගික කණ්ඩායමක් තවත් ලිංගික කණ්ඩායමකට නීතිමය ලෙස යටපත් කිරීමෙන් එකී මූලධර්මය සම්පූර්ණයෙන්ම වැරදි බවත් එය මනුෂ්‍යාගේ වර්ධනයට ඇති ප්‍රධානම බාධාවකි. එක් මූලික පාර්ශවයකට විශේෂ බලයක් හෝ වරප්‍රසාද නොකර අනෙක් ලිංගික කණ්ඩායම් බල රහිත කරන තත්ත්වයක් ඇති නොවේ. සම්පූර්ණ සමානාත්මතාවයක් ඒ වෙනුවට ආදේශ කළ යුතුය.
Friedrich Engels මිනිස් ඉතිහාසයේ අසමානතාවය මත ඇති වූ පළමුවන ශ්‍රමවිභජනය ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ඇති වූ ශ්රමවිභජනයයි. ඉතිහාසයේ පැන නැගුණු ප්‍රථම පන්ති පසමිතුරුතාව ස්වාමියා සහ භාර්යාව අතර වන බවත් ඉතිහාසයේ මතු වූ ප්‍රථම පන්ති පීඩනය පුරුෂ ලිංගිකයන් විසින් ස්ත්‍රී ලිංගිකයන් පීඩනයට පත් කරනු ලැබීමයි.
මේ තුළින් විවරණය කරනු ලබන්නේ දේශපාලන දාර්ශනිකයන් තමන්ගේ රචනාවන් තුළ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගනිමින් ඇතිව තිබූ තත්ත්වය සාකච්ඡාවට භාජනය කර ඇති බවයි. ස්ත්‍රීවාදි පිළිගැනීම් ගතානුගතික හෝ දක්ෂිණාංශික හෝ මතවාදයන් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නුපුළුවන. ගතානුගතිකවාදීන්ගේ පිළිගැනීම වන්නේ සමාජය ඓන්ද්‍රීය සහ ස්වාභාවික අවශ්‍යතාවලින් වර්ධනය වී ඇති බවයි. ඒ නිසා ඔවුහු පෞද්ගලික ගැහැණිය (private woman) සහ පොදු මිනිසා (public man) යන පිළිගැනීම තදින් එල්බ සිටිති. මෙය ලිංගික ශ්රමවිභජන න්‍යායට පදනම් වූ මූලික තහවුරු කිරීමක් විය. මේ අනුව ස්ත්‍රීවාදීන් විවිධ ක්ෂේත්රයන් තුළින් ප්‍රකාශයට පත්වන ස්ත්‍රී පීඩනය සහ සමානාත්මතාවය වෙනුවෙන් සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් සියලු ලිංගිකයන් එක සමාන යැයි ඔවුන් විශ්වාස කරයි. එසේම ස්ත්‍රීවාදීන් බලමුළු ගැන්වීම ප්‍රකාශයට පත්වන්නේ ස්ත්රිවාදී ව්‍යාපාර තුළිනි. ස්ත්රිවාදී න්‍යාය ලොවපුරා ස්ත්‍රීන් බලගැන්වීමට ඒ සඳහා ස්ත්‍රීන් යොමු කිරීමට යොමු කරවීමට යෙදවූ ව්‍යාපාර පිළිබඳවත් ඥාණන සම්පාදනය කරනු ලබයි. ස්ත්‍රීවාදී ව්‍යාපාර බිහි වන්නේ ස්ත්‍රිය බලගැන්වීමේ ව්‍යාපාර තුළිනි. ස්ත්‍රීවාදය පිළිබඳ න්යායාත්මකභාවය හුදෙක් තවත් න්‍යායකට ඌණ පූර්ණයක් සපයන්නක් නොවන අතර එය සාම්ප්‍රදායික දේශපාලන චින්තනයේ තිබෙන අභිප්රගමනයන්ට අභියෝග කරයි.
ස්ත්රීවාදයේ ප්‍රධාන ධාරාවන් තුනකි. එනම්,
පළමු රැල්ල
20වන සියවසට පෙර කාලවකවානුවේ ස්ත්රීවාදයේ පළමු රැල්ල ඇතිවේ. Elizabeth Cady Stanton සහ Susan B. Anthony ප්‍රධාන ක්රියාකාරීන්වේ. මෙම කාලපරිච්ඡේදය යනු ස්ත්රිවාදී ව්‍යාපාර ඉතා දියුණු මුහුකුරාගිය අවධියක් නොවන අතර ස්ත්‍රීන් තමන් වෙනුවෙන් හඬක් නැගීමට උත්සහ කළ අවධියකි. 1978 ප්‍රංශ විප්ලවය මේ සඳහා බලපෑම් කරන ලදී. ඒ තුළදී ද ස්ත්රීන්ගේ අයිතිවාසිකම් සාකච්ඡාවට බඳුන් වී තිබුණි. Mary Wollstonecraft විසින් රචිත A Vindication of the Right of Woman කෘතිය පළමු රැල්ල සඳහා විශාල බලපෑමක් එල්ල කරන ලදී. ස්ත්රීන්ගේ අයිතීන් සහ එහි සකස්වී පවතින සමාජ තත්ත්වය පිළිබඳ හෙළිදරව්වක් සපයන ලදි. කෙසේ නමුත් පළමු ස්ත්රීවාදයේ ක්‍රියාකාරිත්වය වඩාත්ම සැළකිල්ලට ලක්කරන්නේ 19වන සියවසේදීය. ස්ත්රීවාදයේ පළමු රැල්ල වඩාත් ප්රමුඛත්වයක් ලබා දෙනු ලැබුවේ ස්ත්‍රීයට ඡන්ද අයිතිය ලබා ගැනීමටය. මීට අමතරව ස්ත්රීන්ට අධ්‍යාපන අයිතිය ලබා ගැනීමටත් පෞද්ගලික පරිමණ්ඩලයේ සිට පොදු පරිමණ්ඩලයට විතැන් කිරීමටත් උත්සහ කරන ලදී. ස්ත්රීවාදයේ පළමු රැල්ල තුළ උත්සහ කලේ නීතිමය සහ දේශපාලන අයිතීන් පුරුෂයාට සමානව ස්ත්‍රීන්ටත් ලබා ගැනීමටයි. 1840 දාශකයේදී ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්ත්‍රීවාදී ව්‍යාපාර පැන නැඟීම ආරම්භ දිය. විවිධ කණ්ඩායම් විවිධ මතවාදයන් දරණ අනන්‍යතා සහිත ස්ත්‍රී කණ්ඩායම් සංවිධානය වීමත් එම ස්ත්‍රිය තමන්ගේ අයිතිය පොදු දෙයක් බව තේරුම් ගනිමින් ක්‍රියාත්මක විය. ඇමරිකාවේ පැවති සමාජ දේශපාලන ආර්ථික සහ සංස්කෘතික ගැටළු ස්ත්රීන්ට තමන්ගේ දේශපාලන ශක්‍යතාව වර්ධනය කර ගැනීමට බලපෑම් කර ඇත. ඒ අතරවාරයේ Stanton සහ Mott විසින් Seneca Falls සම්මුතිය ඉදිරිපත් කරන ලදි. මෙය ස්ත්රීන්ගේ නිදහස සඳහා ස්වාධීන ප්රඥප්තියක් වූ අතර ඇමරිකාවේ ස්ත්‍රීවාදී අයිතිවාසිකම් ව්‍යාපාර වල පළමු පියවර විය. 1910-1920 වන විට ධනවාදය වර්ධනය තුළ එකී මතවාද ස්ත්‍රීවාදය තුළ විශාල බලපෑමක් ඇති කරන ලදී ස්ත්රීන්ගේ දේශපාලන සංගමය 1903 පිහිටුවාගෙන ඇති අතර එනම් නායකත්වය Emmeline Pankhurst සහ Christabel Pankhurst විසින් දරන ලදී. පළමු ස්ත්‍රීවාදී රැල්ල ස්ත්‍රී ඡන්ද අයිතිය ලබා ගැනීමත් සමඟ අවසන් විය.
දෙවන රැල්ල
1960 දශකය තුළ ස්ත්රීවාදයේ දෙවන රැල්ලේ නැඟීම සිදුවිය. මෙම කාලවකවානුව තුළ දී නීතිමය අසමානතාව, සංස්කෘතික අසමානතාව සහ සමාජය තුළ ස්ත්‍රී භූමිකාව පිළිබඳ කාරණාවක් ඇති කරනු ලැබීය. මොවුන් උත්සහ කලේ පවුල තුළ ක්‍රියාත්මක බල සම්බන්ධතාවය අවබෝධ කිරීමටයි. සමාජ, දේශපාලන, සංස්කෘතික සහ ආර්ථික වශයෙන් පවරන විභේදනය තුළ සමානාත්මතාවය අත්පත් කර ගැනීමට කටයුතු කලහ. Betty Friedman විසින් රචිත The Feminine Mystique කෘතිය විශාල බලපෑමක් කරන ලදී. මෙකී කෘතිය තුළ අවධාරණය කරන ලද්දේ ස්ත්‍රී නිදහස සාක්ෂාත් කර ගන්නා ආකාරය පිළිබඳවත් ස්ත්‍රීයගේ පීඩනය කොතරම්ද යන්න Betty සිය කෘතිය තුළ දෙවන ලෝක යුද්ධ කාල පරාසයේදී ශ්‍රම බලකායේ සිට දෙවන ලෝක යුද්ධයෙන් පසුව ස්ත්‍රිය බිරිඳක් මවක් වශයෙන් ගෘහය තුළ කටයුතු කරන ආකාරය විවරණය කරයි. විවිධ ක්ෂේත්රයන් ගෙනහැර දක්වමින් ස්ත්‍රී භූමිකාව පිළිබඳව අවබෝධයක් ලබා දී ඇත. එමෙන්ම Simone de Beauvoirගේ The Second Sex කෘතිය තුළින්ද ස්ත්‍රියගේ නිදහස පිළිබඳව සාකච්ඡා කර ඇත. 1960 දශකයේදී ස්ත්‍රීන් උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වූ කාල පරිච්ඡේදය වූ අතර එය ස්ත්‍රීවාදී චින්තනයේ ස්ත්‍රීවාදී ව්‍යාපාරවල වර්ධනයටද හේතු විය. ස්ත්‍රියගේ නිදහස පාදක කොට ගනිමින් කෘති රාශියක් රචනා විය. Kate Milletගේ "Sexual Politics" කෘතිය ස්ත්‍රී දේශපාලනික සවිඥානිකත්වය වර්ධනය වීමෙහිලා හේතු සාධක වී ඇත. 1970 දාශකයේදී ස්ත්‍රීවාදී කෘතීන්වල ප්‍රධාන අන්තර්ගතය බවට පත්වූයේ දේශපාලන ලිංගිකත්ව ගැටළු පිළිබඳවයි. නිදසුනක් ලෙස Germaine Greer විසින් ලියන ලද The Female Eunuch කෘතියෙහි පුරුෂාධිපත්‍ය ස්ත්‍රියගේ පෞද්ගලික ජීවිතයේ සෑම ක්ෂේත්රයකටම අසහනකාරී ලෙසින් බලපා ඇති බව පෙන්වා දුන්නේය. සදාතනික ස්ත්‍රීභාවය පිළිබඳ සංස්කෘතික මිථ්‍යාවෙන් ස්ත්‍රිය බැද තබා ඇත. මෙයින් ස්ත්‍රිය අකර්මණ්‍ය, යටහත්පහත්, ලිංගික සත්වයෙකි යන මතවාදය තහවුරු කර ඇත. ඒ නිසා ස්ත්‍රියගේ විමුක්තිය යනු පෞද්ගලික සහ ලිංගික විමුක්තිය සලසා ගැනීම යන මතය ඉදිරියට පැමිණියේය.ස්ත්රිවාදයේ දෙවන රැල්ල පිළිබඳ සාකච්ඡාවේදී පැහැදිලි වන්නේ එහි ප්‍රධාන අරමුණ හුදෙක් දේශපාලන අරමුණු අත්පත් කර ගැනීම පමණක් නොව සමස්ථයක් ලෙස ස්ත්‍රි නිදහස අත්පත් කර ගැනීමයි.
තෙවන රැල්ල
ස්ත්රිවාදී දෙවන රැල්ල තුළ අත්පත් කර ගැනීමට උත්සහ කිරීමය. 1990 දශකයේ ආරම්භය සිදු වූ අතර ස්ත්රිවාදයේ දෙවන රැල්ලේ ඇති කරන ලද ව්‍යාපාර මුල පිරීම්වල පැවතුණ අසාර්ථක තත්ත්වන් මගහරවා ගැනීම මෙන්ම ස්ත්රිවාදී ව්‍යාපාර බටහිර රටවල් තුළ මෙන්ම තෙවැනි ලොව රටවල් තුළ විවිධ වූ ස්ත්‍රී අභිලාෂයන් සංතර්පණය කර ගැනීමට කටයුතු කළ කාලපරිච්ඡේදයක් ලෙස හඳුනාගත හැකිය. පොදුවේ ස්ත්‍රී නිදහස, විමුක්තිය, අයිතීන් දිනාගැනීම කෙරෙහි යොමු වී ඇත. ස්ත්රිවාදයේ තුන්වන රැල්ලේ විෂය පථය පුළුල් ස්වාභාවයක් ගනු ලබයි. ලෝකය පුරාම ස්ත්රිවාදී තුන්වන රැල්ලේ ක්‍රියාකාරිත්වය දක්නට ලැබුණි.
මේ අනුව ස්ත්රීවාදයේ වර්ධනය පිළිබඳව විවිධ අවධීන් තුළ සිදු වූ ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි අතරම ස්ත්‍රීවාදී චින්තනය රැලි ලෙස හැඳින්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවටද තර්ක කරයි.

Nice 🤩
ReplyDelete👊👌🥰
ReplyDeleteNice work 👌👍
ReplyDeleteGood work❤️
ReplyDeleteGood job
ReplyDelete👍👍👍❤❤❤❤
ReplyDelete👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteGood explanation ❤️
ReplyDeleteUseful note thank you 🥰
ReplyDelete