සන්නිවේදනය යනුවෙන් අදහස් කරනුයේ තොරතුරු හුවමාරුවයි. මෙම සන්නිවේදනය සඳහා මූලික අවබෝධයක් ලබා ගැනීමට ඉදිරිපත් කර ඇති නිර්වචන අධ්‍යනය කිරීම ඉතාමත් වැදගත් වේ. එබැවින් සන්නිවේදනය යනු කුමක්ද යන්න හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබල එක උපක්‍රමයක් වශයෙන් මෙම නිර්වචන හඳුනාගත හැකි වේ. සන්නිවේදනය පිළිබඳ නිර්වචන විවිධාකාරයෙන් විවිධ විද්වතුන්, සංවිධාන විසින් ඉදිරිපත් කර ඇත. ඒවා එකිනෙකට වෙනස් වුවද ඒවායේ පොදු සාධකයන් එනම් සන්නිවේදකයා, සංදේශ, ග්රාහකයා, බලපෑම, මූලාශ්‍ර වැනි සාධක සමානාත්මතාවක් පෙන්නුම් කරයි. මෙසේ සන්නිවේදනය පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන කිහිපයක් පහත පරිදි හඳුනාගත හැකිවේ.
විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය
වර්ෂ 1907 අගෝස්තු 05වන දින ජර්මනියේ උපත ලද විල්බර් ශ්රාම් සන්නිවේදනයේ පුරෝගාමී විද්වතෙකි. සන්නිවේදනයේ පියා වන්නේද මොහුය. 1954 වර්ෂයේ මොහු විසින් සන්නිවේදනය පිළිබඳ නිර්වචන ඉදිරිපත්කොට ඇත. සන්නිවේදනය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන ලද තොරතුරු වලට අනුව සන්නිවේදනය පිළිබඳ සමස්ත හරය ගොනු වූ විශිෂ්ට නිර්වචනයක් ලෙස හඳුනාගත හැකිය.
"තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණකොට ගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත ස්වාභාවයක් ඇතිවීම සන්නිවේදනයයි."
හැරල්ඩ් ඩී. ලැස්වෙල්ගේ නිර්වචනය
වර්ෂ 1902 පෙබරවාරි 13වන දින උපත ලැබූ හැරල්ඩ් ඩී ලැස්වෙල් මහතා දේශපාලන විද්‍යා ක්ෂේත්රයෙකු ලෙස සිටිමින් සන්නිවේදනය විෂය ක්ෂේත්රයේ අභිවර්ධනය උදෙසා ඉමහත් මෙහෙවරක් කළ විද්වතෙකි. මොහු විසින් සන්නිවේදනය පිළිබඳ තොරතුරු රැසක් ඉදිරිපත් කොට ඇත. මොහු දේශපාලන විද්‍යාඥයෙකු වන බැවින් මොහු විසින් ඉදිරිපත් කරන ලද නිර්වචනය ද දේශපාලනික ප්‍රවේශයක හුරුවක් ගනී.
"යම් කිසිවෙකු, යම් කිසිවක්, කිසියම් නාලිකාවකින්, යම් කිසිවෙකුට, කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනයයි."
ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීවර්ගේ නිර්වචනය
ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීවර් යන දෙදෙනාට ඇමරිකාවේ බෙල් ටෙලිෆෝන් රසායනාගාරයේ සේවය කළේය. ෂැනොන් විද්‍යාඥයෙකු වන අතර වීවර් සහයකයෙකි. දුරකතන හා ගුවන්විදුලි තාක්ෂණය පිළිබඳව මෙම දෙපළ වැඩි අවධානයක් යොමු කළහ. ඔවුන් දෙදෙනා නියැලුණු දුරකථන ක්ෂේත්රය පදනම් කරගෙන ඔවුන් විසින් තම නිර්වචනය 1954දී ඉදිපත් කර ඇත.
"සන්නිවේදනය යනු යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීමයි."
චාල්ස් එච්. කූලිගේ නිර්වචනය
චාල්ස් කූලි යනු සමාජ විද්‍යාඥයෙක් වන අතර ඔහු ප්‍රධාන ලෙස පුද්ගල සමාජානුයෝජනය පිළිබඳ පර්යේෂන කටයුතුවල නිරත වූවෙකි. මානව සබඳතා පවත්වා ගැනීම හා වර්ධනය කිරීමේ යාන්ත්‍රණය සන්නිවේදනයබව පෙන්වා දී තිබේ.
"මානව සබඳතා රඳවා සිටින්නාවූත්, වර්ධනය කරන්නාවූත්, සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරීවන උපක්‍රම සන්නිවේදනයයි."
"සංස්කෘතිය සන්නිවේදනයයි. සන්නිවේදනය සංස්කෘතියයි." - රේමන්ඩ් විලියම්ස් -
"අදහස් ගෙනයන කලාව සන්නිවේදනයයි." -එඩ්වින් එමරි-
"පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ කෙනෙකුගෙන් කෙනෙකුට හෝ ස්ථානයකින් ස්ථානයකට තොරතුරු ගලායාම සන්නිවේදනයයි." -කෝලියර්ගේ විශ්වකෝෂය-
"අදහස්, දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්රදානය කිරීම, ප්‍රකාශ කිරීම හෝ හුව්මාරු කරගැනීම සන්නිවේදනයයි." -ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය-

👍👍
ReplyDelete👌❤️
ReplyDelete👍👍😍
ReplyDeleteVerry good
ReplyDeleteVery importan 👍
ReplyDelete